Friday, April 22, 2022

මොටෝ රියක පැද යන විට

තෙරක් නැති අහසේ හමුවන තුරු එහා ඉම

හඹා යමි,  ඉගිල්ලෙමි ඔබේ සුරත අරගෙන

 

~සකුන්ත හිරිමුතුගොඩ~


Wednesday, April 20, 2022

මරලතෝනිය

මරලතෝනිය


වෙඩි උන්ඩ 

හඹා යති මිනිසුන් 

මරු විකල්ලෙන්


 ~සකුන්ත හිරිමුතුගොඩ~


Friday, April 15, 2022

වැරදුනු කවි


වැරදුනු කවිත්

ලියැවේ නොනැවතී


~සකුන්ත හිරිමුතුගොඩ~


Monday, April 11, 2022

කතා කරන ඇස්


ඔබ මුවින් නොයෙක් දේ කියයි

නමුත් ඇස් ඊට වඩා බොහෝ දෑ දොඩයි

නිහඬවම. 


                     ~සකුන්ත හිරිමුතුගොඩ~


Sunday, April 10, 2022

කා වෙනුවෙන්ද තැනුවෙ මේ විසල් මැදුරු


බෙහෙත් හිඟවී පහල බිම් වල පෝලිම් සැදෙන තුරු

කා වෙනුවෙන්ද ගොඩ නැගුවෙ මේ විසල්     මැදුරු


සකුන්ත හිරිමුතුගොඩ


Tuesday, April 5, 2022

දේදුන්න




ඉරේ රැස් ලබාගෙන දුර මැවෙන     දේදුන්න

අළු පැහැති වැහි වලා අතරින් එබී  රජවෙන

කුනු වී අඳුර කැන්දන මේ ක්‍රමය     ඉවතලන

ඉරක් වී නැගෙනු ඇත බැබලෙමින් ඉදිරි   දින



                              ~සකුන්ත හිරිමුතුගොඩ~

Monday, April 4, 2022

සංගීත පුටු තරඟය

*2022 අප්‍රේල් මාසයේ සිදුවු කැබිනට් පුටු මාරුව සහ අන්තරවාර ආන්ඩුවකට අර ඇදීම සම්බන්ධයෙනි.

අවමඟුල් ගීය ජනතාවෝ වයනු       දැනී

පාලකයොන්ගෙ පුටු කැරකෙයි වියරු වැටී



                        ~සකුන්ත හිරිමුතුගොඩ~