Tuesday, June 28, 2022

මම ඇත්තටම ආදරය කරන්න පටන් ගෙනද මන්දා......


ඔබේ ඇසුරෙන්

මොකක්දෝ හැඟීමක් දැනුනට

ඔබේ යහළුවන්

අපි දෙන්නගේ නම් කියද්දි

නිමක් නැති ඔබේ

විමසුම් මැද


"හා" කිව්වේ

කරදරෙන් බේරෙන්න බැරි කමට


පෙර මෙන්

සොයා බැලීම්

පනිවිඩ

නැති වුනත්


සිත තැවුලෙන් පිරෙන විට

එන දුරකථන ඇමතුමේ

සිත නිවන වදන් වල

තිබුනා ලෙංගතුකමක්


අමතක වී උපන් දිනය

කලබලෙන් කොහෙන් හෝ

හොයාගෙන එන තෑග්ගෙත්

සැඟවී තිබුනා සෙනෙහස


සැන්දෑ වෙලාවක

උයනකදී හෝ වෙරලක

ආදරෙන් හිස පිරිමදිද්දී

දැනුනා ඔබෙන් ආදරය


දැන් දැන් තනිව ඉන්නා විට

දහස් දෙනා මැද සිටිනා අතරේ

ඈතින් හමා එන හුලඟෙත්

ඔබේ සුවඳ සොයනවා මම


ඉතින්


දන්නවද


මම ඔබට ඇත්තටම ආදරය කරන්න පටන් ගෙනද මන්දා.....



                                            ~සකුන්ත හිරිමුතුගොඩ~


Sunday, June 26, 2022

මරනයේ හාදුව



*ඈන් ෆ්‍රෑන්ක් ගේ දිනපොතෙහි 1944 අප්‍රේල් 16 සහ 28 දිනවල තැබූ සටහන් ඇසුරෙනි.


උරහිස වටා පටලවා දෙ අත්

යවා දසැඟිලි කෙස් අතර

දඟ කරමින් කෙහෙරැලි සමග

අමිහිරිම අඳුරු යුගයක

නාසි මුර බල්ලන් රජ කරන


දුන්නේය ඔහු

පලමු හාදුව

ජීවිතයේ මිහිරිම දෑ කැටිකොට

නැවුම් වැලඳ ගැනීමක්

සහිතව

දෙකම්මුල් දෙඅත් පිරිමදිමින්


ඔහුගේ රිද්මයටම

හද ගැස්ම ක්‍රමයෙන්

ඉහල නැගිනි


නැවුම් හැඟුමක්

අලුත් ජීවයක්

දින පොතේ පිටුවකට

පිබිදෙන ලොවකට


දෙගිඩියාවෙන් ගෙවුනු

ජීවිතයේ අලුත් මානයන්

විවර කල

දිගු

කැලැන්ඩර කොටු දුසිමකට පසු


නොනවතින හාදුවකට

ඇරඹුම මමම තැබුවෙමි......


                       ~සකුන්ත හිරිමුතුගොඩ~


අඳුරුම කාල පරිච්ඡේදයන් ගැන ලොවට හෙලි කල ඇගේ දින පොත මෙම සිදුවීමෙන් දින 63 කට පසු සදහටම නිම විය.


Monday, June 20, 2022

ජූලියන් අසාන්ජ්

 අධිරාජ්‍යවාදීන්ගේ යුද අපරාධ හෙලි කල විකිලීක්ස් නිර්මාතෲ ජූලියන් අසාන්ජ් එක්සත් ජනපදයට පිටුවහල් කිරීමේ යෝජනාව බ්‍රිතාන්‍යයේ දේශීය කටයුතු ලේකම් ප්‍රීති පටෙල් අනුමත කරයි


ඔහු

දඬුවම් ලැබ ඇත

හෙලි කල වරදට 

සත්‍යය


වධකයින් 

ඔසවාගෙන (අ)නීතියේ අසිපත

බොරු චෝදනාවෙන් මුවහත්කොට

කැන්දා යයි ඔහුව

දංගෙඩිය වෙතට

ගසමින් මල බෙරය

ජරපත් වූ ක්‍රමයක


අනතුරු අඟවමින්

හෙලිදරව් වූ අපරාධ

පමනක් නොව 

ඉදිරි අපරාධ ගැනද


~සකුන්ත හිරිමුතුගොඩ~


Julian Assange faces extradition and state murder while the war criminals he exposed walk free

https://www.wsws.org/en/articles/2022/06/20/nmrc-j20.html

Saturday, June 18, 2022

සඳට තරුවලට ලියූ කවි


සඳට තරුවට කවි ලියූ කාලය

නිමා කර ඔබ ගැනම ලියනෙමි

තවත් කුමටද ඔබේ අබියස

එවන් උපමා කවි ලියන්නට 


හඳත් පරදන රුවට පිපෙනා

හැඩැති පියකරු මුව මඩල

බැබලෙන දිගු නෙත් ඇයගේ

තරු ලකුනකි මග පෙන්වන 


          ~සකුන්ත හිරිමුතුගොඩ~