Tuesday, August 27, 2024

කඳු මුදුනක සිට නුඹට



සීත මදනළ කලු වලා හා පටලවාගෙන         අතිනත

ඈත මිහිදුම සෙමින් ඇවිදින් වෙලාගද්දී මා         ගත

පාත බලමින් සිහිකරන්නෙමි එදා හිමිවූ ඔබෙ      අත

මෑත මා ළඟ තිබුනි නම් කෙතරම් මිහිරිද මේ     සිත

 

මුහුණලාගෙන සිටියත් කිසි දාක            එක්නොවන

පෙම්වතුන්‍ ය කඳු මුදුන් දෙතැනකට වී      වෙන්වුන

වැටෙන දුක් කඳුලු කැට තුරු අතර         සඟවගෙන

අතු අගට මුතු කැට අතුරමින් උදා එලියේ හිනැහෙන


මේ ගමන් මග වගෙම කටුක,මුදු පා     රිදෙන 

ජීවිතය දුශ්කරය විටෙක අත්        අත්හැරෙන

කිසිදා වෙන් නොවෙනට ගිවිසුවත් අප දෙදෙන

දුරස් වී ගොස්ය අද නෙතට නෙත මග හැරුන


අමුණගෙන සීත ඊ හිස ඇදී එන            සුළඟට

අන්ධකාර සලුව පොරවා ඇදෙන         මිහිදුමට

හීගඩු පිපෙන පොදයටද තුරුලු වෙමි යන්තමට

ඔබේ ලය උණුසුම සිහිවනු පිණිස          මා හට  

Monday, August 5, 2024

ගිමන් හල් නොමැති විඩාබර දිවිය


විඩා බර දිගු දහවලට පසු
ගෙවිය යුතුවෙයි කෙටිම සැන්දෑ යම
ගත දවන සිත පෙලන හිරු
මවා ඉමිහිරිය, හෙමින් බැසයත

දිවා සමයෙහි නැගී නුබ ගැබ
තේජසින් මුලු ලොවම පෙලුවත්
මහලු දුබලව දිරිය වියැකුන
රුදුරු ගුන නැත මල හිරුගෙ ලඟ

නිසල සන්සුන් රැයෙහි මැදියම
සඳත් සිහිලැල් දෙඅත් යොමු කොට
නලවා සෙනෙහසින් මිහි ගැබෙහි බඳ
සතපයි මුලු ලොවම පදවා තොටිල්ලක

සනහා ගිම් පවස පෙර දවසෙ ලද
වැඩ පලෙහි හෙට දිනෙහි මුරයට
නිම් නැති දිවි පෙවත පන ගසා ගැනුමටම 
පමනකිය අවැසි වන්නේ රාත්‍රිය

බොහෝ වැඩ දවස් වල, සති අන්තයෙත්
ජීවිතේ රස මිහිර විඳිය යුතු යැයි කියා 
යනු පෙනේ ඈතටම "සෑර්" රථයෙහි නැගී
රෑට සිනමා හලට දවාලෙහි මිතුරු හමුවකට

වැඩපලෙහි දියව යන ජීවිතයේ රස 
දිවා යම, සැන්දෑව, නිශාවේ නොවෙනස්ව
විරාමයත් වේ එහි සිර කොට බඳන
ගිමන් හල් හෝ නොමැති විඩා බර දිවි පෙවෙත