*පුවතක් - වෙහෙසට පත්ව දුමිරිය පීලි මත නිදා සිටි මිනිසුන්ගේ ශරීර මතින් ඉන්දියාවෙි දුමිරියක් ගමන් කරයි.
කුටුම්භය රැක බලාගන්නට
උවමනා මිල මුදල් සොයාගන්නට
දුර ඈත දනව්වක් වෙත
වැඩට ගොස් සිටින අතර තුර
වසා දැමුනි ගම් දනව් සීමා
ෆැක්ටරියද හදිසියෙන්ම
"ඇඳිරි නීතිය" පනවා
ගමට යන්නට මගට බට විට
නැහැ එකම එක කෝච්චියක්
ඉතිරි වී ඇති බසයක්
අතේ යන්තම් ඉතිරි වී ඇති
තුට්ටු දෙකටත් තට්ටු කරගෙන
දෙපයට වාරු දී
කාකි ඇඳුමට බයෙන් ගැහි ගැහි
ආවේ ගේ වතු උඩින්
කැලෑ මාවත් තුලින්
"මහා පා ගමනක්"
සැතපුම් දහස් ගනනක් දුර
ඉරට ඔච්චම් කරමින්
කුසට අහරක් නොමැතිව
ඇවිද ආ ගමනෙහි
මහන්සිය නිවාගන්නට
රේල් පාරේ ඈඳීගත්තම
දවස් ගනනකට නොදැනුනු
ඒ සුවයට ඇස් පියවුනා මිස
ඇහි පිහාටුවක් වත්
ඇහැරුනේ නෑ
කෝච්චිය ඇඟ උඩින් යනතුරු..
~සකුන්ත හිරිමුතුගොඩ~
No comments:
Post a Comment