කඳු මුදුනක සිට නුඹට
සීත මදනළ කලු වලා හා පටලවාගෙන අතිනත
ඈත මිහිදුම සෙමින් ඇවිදින් වෙලාගද්දී මා ගත
පාත බලමින් සිහිකරන්නෙමි එදා හිමිවූ ඔබෙ අත
මෑත මා ළඟ තිබුනි නම් කෙතරම් මිහිරිද මේ සිත
මුහුණලාගෙන සිටියත් කිසි දාක එක්නොවන
පෙම්වතුන් ය කඳු මුදුන් දෙතැනකට වී වෙන්වුන
වැටෙන දුක් කඳුලු කැට තුරු අතර සඟවගෙන
අතු අගට මුතු කැට අතුරමින් උදා එලියේ හිනැහෙන
මේ ගමන් මග වගෙම කටුක,මුදු පා රිදෙන
ජීවිතය දුශ්කරය විටෙක අත් අත්හැරෙන
කිසිදා වෙන් නොවෙනට ගිවිසුවත් අප දෙදෙන
දුරස් වී ගොස්ය අද නෙතට නෙත මග හැරුන
අමුණගෙන සීත ඊ හිස ඇදී එන සුළඟට
අන්ධකාර සලුව පොරවා ඇදෙන මිහිදුමට
හීගඩු පිපෙන පොදයටද තුරුලු වෙමි යන්තමට
ඔබේ ලය උණුසුම සිහිවනු පිණිස මා හට
ඔබටම ලියන කවියෙන් මතු නිමක් කොද
මිහි මත පිපුන එ රුවින් යුතු මලක් කොඳ
ලොව නෙත රැඳුන මිහිරෙන් සතු රුවක් වෙද
මගෙ හිත නිවන හැ ඟුමෙන් ගෙතු තැනක් සඳ
ඔබ මත ලියන කවියෙන් මතු නිමක් කොද
මුහුලස හැඟුම් ගඟුලෙන් පැන සරනු එන
සිසිලස පැතුම් පොදියෙන් සැන බිඳුනු තැන
එ දවස සිතුම් නුවනින් මැන කරුනු ගෙන
නිසි ලෙස නැවුම් සුවඳින් ගෙන වඩිනු මැන
ගු ව න ත ඇ සෙ න මිහිරෙන් යුතු කුරුවි සර
ස ව න ත මැ වෙ න ඔබෙ කට හඬ එකළු කර
නු ව න ත ගැ ටෙ න යලි නොඑනා `` ඔබේ වර
ල ව න ත නැ ගෙ න මද සුසුමකි විඩා බර
හ මු වු ව මෙයින් මතු දිනයක අහඹු ලෙද
මි මු නු ව තෙපුල් සිහි කර එදවස බොලඳ
ප ල මු ව නැගුන පිසදා වට කඳුළු පොද
ග ය නු ව හදෙහි වෙන හඬවා මතක පද
ඇගෙ මුහුනට මුහුන බලා ආල කතා අහන් ඉන්න
දිලිසෙන ඇගෙ තරු නෙත් දෙස නෙත නොපියා බලා ඉන්න
ඇයට ලංවෙලා හිඳගෙන මලේ සුවඳ මට විඳින්න
සඳ කුමරුනි ඇය සමගින් සිහිනයෙ තනිවෙන්න දෙන්න
පිනි බිඳු එක දෙක වැටිලා ඇගෙ කොපුලට සිහිල දෙන්න
ඇගෙ කම්මුල් මත තිබෙනා පිනි බිඳු වල රස බලන්න
මල නොතලා රොන් උරනා බබරෙකු සේ රොන් උරන්න
සඳ කුමරුනි මගෙ සිහිනය මට විඳින්න ඉඩ හරින්න
සිහිල් සුලං දැවටෙන විට ලැමට තුරුලු වී හිඳින්න
ඇගේ අකීකරු කෙහෙරැලි මගෙ මුහුනත දඟ කරන්න
කළුවර රෑ සිරි යහනේ පෙම් සිහිනයේ සුව විඳින්න
සඳ කුමරුනි මට ඉඩදී ඔබ ඔබේ නෙතු පියාගන්න
සොරාගත් සිහිනය
මගෙන් සොරාගත් සිහිනය සඳ කුමරා හැංගී සිට
සෙමෙන් සෙමෙන් තුරුළු කරයි මගෙ කුමරිගෙ මුව මඬලට
වලාකුලින් පෙරා එවයි සඳ රැස් බිඳු දෙතොල් අගට
දෙන්න නැවත සඳ කුමරුනි මගෙ සිහිනයෙ අයිතිය මට
ඈත දිලෙන තරුවැල් පෙල නෙත නොපියා හිඳිමින්
බලා සිටී ඇගේ දෑස නිසොල්මන්ව උමතු සිතින්
නොරැඳී රෑ ආකාසේ ගිමන් නිවනා විලසින්
දෙන්න නැවත මගෙ සිහිනය මට විඳිනට පුරුදු ලෙසින්
පිනි බිඳු එකින් එක ඇගෙ කම්මුල් මතට වැදී
මල් පෙති මත රැඳුනු මොලකැටි සුවය විඳී
සොරාගත් සිහිනයේ සුව විඳිනා විටදි රැඳී
ඉරිසියාවෙන් පිරෙයි මා හද රිදුම් දිදී
සරාගී නුවන් මා වෙත විහිදාම
රත් ලවන් විවර කොට සවනට කොඳුරාම
මා හද තුල ඈ ඇඳි සිහින සිතුවම
තුරුළු කරනා වරම මට පමනිය උරුම
නපුරුම සඳවතිය
සඳ කුමරී නිසංසලේ ගගනේ සැරි සරන්නී
දුහුල් වලා සළු පොරවා එබී බලන්නී
සිනා කැළුම් සිත රඳවා නෙත රවටන්නී
අළුයම කඳුලක් දල්වා සැඟවී යන්නී
නින්ද නෙතු අගට පියඹා නොඑන
දිනෙක ඇවිත් හදවත රහසේ සිඹින
දෙනෙත් පෙලා රෑ තුන් යම හිත දවන
නපුරුම සඳවතිය කිසිදා හිමි නොවන
ගව් ගනන් දුරින් ඈතට වී සිටින
මිරිඟුවක් ලෙසින් මා හද ලඟ ලගින
මගෙ හද විමානෙ කඳුලින් මල් පිපෙන
පිපෙන්න සඳවත මල් පොකුරක් ලෙසින
කඳු මුදුනක සිට නුඹට
සීත මදනළ කලු වලා හා පටලවාගෙන අතිනත
ඈත මිහිදුම සෙමින් ඇවිදින් වෙලාගද්දී මා ගත
පාත බලමින් සිහිකරන්නෙමි එදා හිමිවූ ඔබෙ අත
මෑත මා ළඟ තිබුනි නම් කෙතරම් මිහිරිද මේ සිත
මුහුණලාගෙන සිටියත් කිසි දාක එක්නොවන
පෙම්වතුන් ය කඳු මුදුන් දෙතැනකට වී වෙන්වුන
වැටෙන දුක් කඳුලු කැට තුරු අතර සඟවගෙන
අතු අගට මුතු කැට අතුරමින් උදා එලියේ හිනැහෙන
මේ ගමන් මග වගෙම කටුක,මුදු පා රිදෙන
ජීවිතය දුශ්කරය විටෙක අත් අත්හැරෙන
කිසිදා වෙන් නොවෙනට ගිවිසුවත් අප දෙදෙන
දුරස් වී ගොස්ය අද නෙතට නෙත මග හැරුන
අමුණගෙන සීත ඊ හිස ඇදී එන සුළඟට
අන්ධකාර සලුව පොරවා ඇදෙන මිහිදුමට
හීගඩු පිපෙන පොදයටද තුරුලු වෙමි යන්තමට
ඔබේ ලය උණුසුම සිහිවනු පිණිස මා හට
කොවුල් සර
ඩොල්කිය ගෙන අතට නැගී බස් රථයකට
ගොරහැඬිව ගිය හඬ යන්තමට සුසර කොට
නගා ගෙන තාල සර ගී ගයා අසනට
බැස ගියා දොම්නස්ව පඬුරු ගෙන දෝතට
වැදී සිය නිවහනට කුලී ගෙවමින් වෙසෙන
කීය මෙලෙසින් බලා බිරිය සහ දරු දෙදෙන
කොවුලෙක් වෙමිය මම අනුන් නිවසක සිටින
එහෙත් දුක් ගැහැට රැඳි ගිමන් කල ගී ගයන
අ ස ම් පූ ර් න කවිය..
රැලි ගැසුනු කොන්ඩය දෙවුර මත දඟකරන
නීල ඇගෙ දිගු නයන ඇස් පියන් යට දුවන
දුරකථන තිරයෙන් වැටෙන එලිය අසලින් පිපෙන
සිහින් සිනහව ඉ නා ව කි ඈ වෙතම සිත බඳන
රතු පැහැති බස් රියෙහි අඳුර සමගින් ඇදෙන
ජනේලය ලඟ අසුනක ඈ සිටී හිඳගෙන
ජීවන සුවඳ ගෙන මුව අසලින්ම එන
මඳ පවන් මට වැදී නැ වු ම් සු ව ය ක් ගෙනෙන
එලොව හෝ මෙලොව ගැන හැඟීමක් නොමැති වුන
සිහින් ඇගේ ඇඟිලි තුඩු තිරය මත සැරිසරන
මගේ හිත කොඳුරයි යන්තමට මේ ලෙසින
ලි ය න් නී ඈ සෙමින් පෙම් කවිය අප දෙදෙන
පොර බැඳි කෙහෙරැල්ල මුහුන වසාගෙන වැටුන
ඉවතලයි තා ල ය ට සුරත හෙමි හෙමින් ගෙන
ම ඳ හ සි න් මා වෙතට රහස් බැල්මක්... හෙලන
............................................................ ..........
සඳ කුමරිය
ඝන අඳුරෙ කුටිය තුල සිරවෙලා සිටින විට
බැලුවෙමි නෙතු යොමා කවුලු දොරින් එපිට
සඳ කුමරිය හිනැහෙන විට වලා පිට
දුටුවෙමි මැවෙනු සුරපුරයක් බිමට බට
අවට ගස්වැල් පුරා සඳ රැසින් නැහැවී
දුටුවෙමි පරිසරය අවදි වෙනු සිනහ වී
පහන් සිලක් වත් නොමැතිය කුටියේ දැල්වී
සතර කොනම රෑ අඳුරින් මුලු ගැන්වී
සඳ කුමරිය අහසට පැමිනෙන හැමදාම
මම ඉන්නෙමි එලිය පතා කවුලුව ගාව
අහස් තලෙන් එබී බලා හිනැහුනු දාම
උමතු කරයි මගෙ හද කාටත් රහසේම
මැදියමත් පහන් කොට අලුයමත් නැගෙන තුරු
සිටියා නිදි නැතිව සඳ එලිය ගලන තුරු
තරු නිවී ඉර නැගී රාත්‍රිය ගෙවෙන තුරු
කුටියේ රැඳි අඳුර නොවිය කිසිදාක දුරු
එලිය කලත් මුලු ලොව නුඹ හැම රෑක
නොහැකිද එලිය දෙන්නට මට කිසි දිනක
එහෙම වුනත් පායා වුනත් පායා කලුවර දාක
සිනා සිසී හිනැහෙනු මැන මතු රෑක
අදින් පසු මේ පාරේ මා නැවත නොඑනු ඇත
මා යන මග පිලිගන්නට මෙන්
ඇහැල ගසේ මල් බිමට වැටීමෙන්
කහ පැහැ ඇතිරිලි මගට එලමින්
මගෙහි සෑදි ඇත පයට පාවඩ වියන්
වෙනදාට මෙහි ඇසෙන කුරුලු ගී හඬ කොහිද
මලින් මලට පැන ගිය බඹරුන් තනිවීද
මා නැවත මේ පාරෙ නොඑන බව දැනුනාද
ඒ දුකින් නුඹලගේ පුංචි හොට ගොලු වීද
හිරුත් මලානිකව බලා හිඳී හිස් අහසේ
කළු වලාකුලුවලින් ඝනදුර පැතිරෙයි පෙදෙසේ
දසතින් හමා එන සුලං කුමරු රහසේ
දැවටෙන්න එන් නැද්ද මා සමග පෙරසේ
වෙනදාට සුපිපී අරලිය මල් හිනා වෙන
ඇයිද අද දුකින් මෙන් පරව බිම බලාගෙන
පෙරදාක දියට පැන කුඩ මසෙකු අල්ලන
පිලිහුඩුවෝ සිටී අද තපස් රැකගෙන
ගං දියට තුරුල් වී දිය සිඹින කුඹූක් අතු
ඇයි එසේ නොකරනු ඇසුනාද මගේ තතු
ගුරු පාරෙ විහිදුනු විසල් නුග ගස් ඇතු
නිසොල්මන්ව බලා හිඳී හකුලාගෙන අතු
අදින් පසු ගුරු පාරෙ මා නැවත නොඑනු ඇත
කුරුළු කුමරුනි ඔබව මතු හමු නොවන ඇත
අවසාන වතාවට සතුටු කර මා සිත
ඉතින් අවසරයි ගයනු මැන කුරුළු ගීත
අසමානතාව
නගරය තුල අහස උසට සැදි මාලිගාය
ඒවා තුල නටන වයන බඩවල් සහ කටවල් ය
රස මසැවුල් විඳින බඩ මහත ඇඟවල් ය
ඔවුන් අත තිබුනේ මීවිත පිරි වීදුරුය
තැනින් තැන විසිරුනු බල්බ් වැල් විසිතුරු
මවයි එලි දේවතා සදෙව් ලොව අයුරු
දසත එන ගීතිකා හඬ නැගෙයි මියුරු
විඳිති දන මේ සැප ලෙසට අමයුරු
සිනහ මුසු මුහුනුය තැනින් තැන තිබුනේ
රත් පැහැ නෙත් ය සාදයෙම මැවුනේ
සොඳුරු පිලිසඳරවල් ඒ අතර රැඳුනේ
නොයෙක් භෝජන වලිනි සාදයම පිරුනේ
* * * * * * * *
දිරාපත් ලෑලි වලට ඇන ගසා
සදා තිබුනි බිත්ති සතර සිව් දිසා
තිබුනේ අඳුරු බවකුයි නිවෙස් වසා
නැංවෙයි රිදුම් හඬ පවුලක් පාසා
එකින් එකට පූට්ටු කර තනා තිබුනු ලෑලි ගෙවල්
අතර නොතිබිනි තැනින් තැන විසිතුරු බල්බ් වැල්
තිබුනේ අහරක් නොමැතිව වැහැරී ගිය බඩවල්
කෘෂ ඇඟවල් තැන තැන ලෙස වේලුන පරඬැල්
ගැහැනුන් අතර නැත තිබුනේ නෙත් දවටන රසඳුන්
ඇවිදින මල සිරුරු ඇත හැමතැන සරමින්
දැඬි නියගයට පසු මිහි කත වතුර බිංඳු යදින ලෙසින්
ඇරී තිබුනි කටවල් ඉහලට යන්තම් අහරක් යදිමින්
දේදුන්න
ඉරේ රැස් ලබාගෙන දුර මැවෙන දේදුන්න
අළු පැහැති වැහි වලා අතරින් එබී රජවෙන
කුනු වී අඳුර කැන්දන මේ ක්‍රමය ඉවතලන
ඉරක් වී නැගෙනු ඇත බැබලෙමින් ඉදිරි දින
විරාමය
තවත් මලක් උපදවන්නට ගසකට රාත්‍රියක් ගත වෙයි
අලුත් තනුවක් තනන්නට කොවුලන්‍ට වසරක් ගෙවී යයි
පදත් හැඟුමක් පුබුදුවන්නට කවියන්ට කාලයක් වැය වෙයි
ඉතින් මේ වි රා ම ය කැපවුනේ ඒකටයි
No comments:
Post a Comment