Wednesday, January 1, 2025

සූරලා ගිය පසුව ඈ හදෙහි පිපුනු මල්


පරව යන බව නොදැන නෙලා ගත් පසු ගසින්

සූරලා රැගෙන ගිය ඔබ හදේ පිපුනු මල්

වෙර දරා සුවඳ දුන් කිහිප දිනකට පසුව 

මිලින මල් පැස පමනි හදසුනෙහි ඉතිරි වී


රොන් සුවඳ මා වෙතම උරුම කරගනු සිතා

අන් බිඟුන් ඒ මගින් මත් නොවනු රිසියෙන්

වසන්තය යලි නැගෙනු නවතනු රුදු සිතින්

උදුරලා ගෙන ගියෙමි පිය හදෙහි රැඳි කුසුම්


කිසිවකුත් කිසි දෙයක් ඉතිරි නොකරම ලයෙහි

සූරලා ගිය පසු ද ඈ සතුවූ සියලු දෑ

කටුක ගිම්හානය, පෙරලා වසන්තය බවට

සුවඳ දියතෙහි තවරමින් - ඈ හදෙහි අදටත් මල් පිපේ

දිනෙක දකිනු වස්

නොතකා හරින ලද

මිතුරන්ගෙන් පැමිනි 

අනතුරු ඇඟවීම් නාද කිහිපයකට පසුව

සුනාමි රල පහරවල් එකකට පසුව එකක්

අප’තරට කඩා වැදුනි

සියල්ලම සුන් බුන් කෙරිනි

ඇයව නොදන්නා ඉසව්වකට වීසි කෙරිනි

මා අවතැන්ව ගොසිනි

අවශේෂ වූ දෙයින් ශේෂ වූ යමක් 

රැගෙන යමි

අබලි බබලි රැස් කර ස්මාරකයක් තනමි

හිතවතුනි,

ප්‍රේම වෙරලෙහි ඔබ දිනෙක දකිනු වස්

එහි ඉහලම කොනෙහි රතු කොඩියක් පලන්දමි

ඇයව මතකෙට එනු පිනිස නොව

සැඩ පහරේ සැර 

නුඹලාට සිහිවනු රිසින් රන්දමි


කවුලු දොර හැර තබන්න

(ලංකාවේ ජන මාධ්‍ය ගාසාවේ ජන සංහාරය පිලිබඳ වාර්තාකරනය නතර කරයි.)

 

මහා වන ගැබ පින්තාරු කල කොල පැහැය 

අලු බවට හරවමින් ගිනි දැල් නැගෙන විට

අසබඩ නිවස්නයන්හි

දුමාරය නොඑනු පිනිස යැයි කියා 

ජනෙල් වසා දැමිනි

නැගුන කලු දුම් වීදුරු වසාගෙන

එහා මෙහා නොපෙනෙන්න මග ඇහිරි​නි

සුලං පහරින් ජවය ලැබගත් 

දැවෙන ගිනි ජාලාව

දොරකඩටම ගෙනෙන තුරු

කිසිදු ඉඟියකින් නොලැබිනි