නුඹ දලුලා වැඩුනේ
ඇය විසින් දෙපලු කල
හදවතේ පැල්ම මත
ඉදින් සියල්ලම දුක යැයි පෝ දාක
බැඳීම් අත් හැරිය යුතු යයි ගිවිසාන
හදින් දොම්-සතුට ඉවසා සම සිතින
හෙටත් රකී දරුවන් පෙර සිටි සේම
"වින්දිතයෝ පවා කිසිවෙකුට දඬුවම් කිරීමක් ගැන බලාපොරොත්තු නොවෙති. ඔවුන්ට අවශ්‍ය සිදුවූයේ කුමක්දැයි දැනගැනීමටයි."
“Even the victims do not expect anyone to be punished. They only want to know what happened."Anura Kumara Dissanayaka on war crimes - Associated Press interview
(කවි ලියා හේමන්ත වරු ගැන මැවු මිහිර මම දකිනවා
පත් හලන මේපල් කුමරියෝ මෙහි උයන් කෙලවර ඉන්නවා
හංසයෝ පිරි නිල් දියෙන් සරි පොකුනු එහි මැද තියෙනවා
ඈත පෙනෙනා බංකුවේ ඔබ හිඳිනවා ඇති හිතෙනවා
~මුහුදෙන් එතෙර බිමකට ගිය මිතුරියකගෙන් කවියක්~ )
වසන්තය පෙරා පැහැයෙන් වසාගෙන
සිසිරය පුරා සුදු හිම සලු පොරවගෙන
හේමන්තය අරා මේපල් කොල වහින
දිගන්තය නුරා වැනුමට යා යුතු වේද?
කෙත් වතු උයන් පැහැයෙන නිල් දිදුලවන
රුක් අතු ලියන් නික්මෙන මල් විසුරුවන
ඉන් සිතු දනන් දුටුවන හිත් පුබුදුවන
තැන් තතු වලින් සැපිරුන බිම් මෙහිද වින
වස්සානය එවන මීදුම් පුර වැලඳ වෙලී
සන්තානය නිවන සිහිලස ගෙන සරතී
මිහිරිය මැවෙනු ඔබ උන් කල මම දිටිමී
මේ අරුමැසිය දැක එනුවර සිරි මැවුනී
ඔබ ඒ බිමෙත් නොදකින දෑ බොහෝ තිබෙයි
එයිනුත් වැඩිමනක් නොපෙනෙනු ඇති නිසැකයි
විමසිලි ඇසින් බැලු කල ඔබටත් වැටහෙයි
අප හැම වෙසෙන්නේ එක ලෝකයක හැඟෙයි
ප.ලි
හුඟක් ලෝකේ මග හැරෙන නෙක සුන්දරම තැන් තියෙනවා
බිඳක් හෝ ඉන් දැකීමෙන් ජීවිතයේ රස ඉම් මැවෙනවා
හෙටක් ගැන මිහිරෙන් පිරී ගිය හැඟුම බිඳ ඉන් වැඩෙනවා
මදක් හොදහැටි බැලුවොතින් ඒ හැමතැනම අපි ඉන්නවා
~සකූගේ කවි~