වසන්තය ආයෙමත් ඇවිදින්
වසන්තය ආයෙමත් ඇවිදින්
නුහුරු සුවඳක් අරන්
ගිලිහුනු මල් පොකුර
නටු අගට පලඳන්න
වසන්තය ආයෙමත් ඇවිදින්
වසත් සඳ විලසින් ඔබේ වත පායලා
මගේ සිත ඇහැරවයි පෙම් මල් පුබුදුවා
බඹර ගුම් නද අරන් ඔබ ආ නිසා
තුරු අගට ඵල වැල නැගෙන
වසන්තය ආයෙමත් ඇවිදින්
ඉරි තැලුනු හදවතේ රිදුනු තැන් සිසාරා
ගඟක් සේ ඔබ ගලයි ප්‍රේමයෙන් සනසවා
සෙනෙහසේ වැහි බිඳු අරන් ඔබ ආ නිසා
සිනා මල් මුවගට නැගෙන
වසන්තය ආයෙමත් ඇවිදින්
සඳ නොමැති මේ රැය පුරා
හිඳිමි තනිකමේ වෙලිලා
අඳුර ඇවිත් මගෙ තනියට
හිඳිනු මැන මුලු රැය පුරා
නෙතඟින් කඳුළැලි ගලා හැලෙන විට
අඳුර ඇවිත් ඉකිලනු මැන තනියට
බිමට වැටෙනා කඳුළු බිඳු මට
මගේ නොවනා බව දැනෙන්නට
අහිමි ඇය හා සිහින ලොව තුල
සැරිසරමි මුළු රැය පුරාවට
ඇය නොමැති බව නොම දැනෙන්නට
එපා යලි අරුණළු නැගෙන්නට
අනෝරා වැසි වැටෙයි
අනෝරා වැසි වැටෙයි
කැකුලු මල් තුරු අගින් ගිලිහෙයි
කඳුලු මහ වරුසා වැටෙයි
මිහිරි මතකය තවම සිත අසලයි
නෙතු අඟ කඳුලින් පිරී සැලෙන විට
කඳුළු පිසලා මා සැනසූ ඔබ
කඳුලු මහ වරුසා වැටෙන කල
දරාගන්නට මා පමනි අද
පෙම් කතාවක මිහිරි බව රැඳි
සොඳුරු තැන් පිරි නුඹේ මතකය
කඳුලු වරුසා සිතට කැන්දන
දරාගන්නට මා පමනි අද
ඔබේ මී පිරි රත් ලවන් යුග
ඔබේ මී පිරි රත් ලවන් යුග
ආල හැඟුමින් මසිත මත් කොට
තරු වගේ දිදුලන නුවන් යුග
නුරා රැහැනින් මා දෙනෙත් බැඳ
මගේ සිත නැහැ මටද අවනත
සිතුම් විහඟුන් ඇදෙයි ඔබ වෙත
ඔබේ හැම මදහාස බැල්මක
නැවතිලා ඉමි දිවි තුරාවට
ලෙන්ගතුම ඔය සුපෙම් හිත ලඟ
ලැගුම් ගන්නට අයදිමි ඉඩ
සඳ ගිලුනු රාත්‍රියක කෙලවර
මගේ සඳ ඔබ මට තුරුල් කොට
ඔබේ හසරැලි මත රැඳෙන්නට
පතමි හැම මොහොතකම ගතවන
No comments:
Post a Comment