(ලංකාවේ ජන මාධ්‍ය ගාසාවේ ජන සංහාරය පිලිබඳ වාර්තාකරනය නතර කරයි.)
මහා වන ගැබ පින්තාරු කල කොල පැහැය
අලු බවට හරවමින් ගිනි දැල් නැගෙන විට
අසබඩ නිවස්නයන්හි
දුමාරය නොඑනු පිනිස යැයි කියා
ජනෙල් වසා දැමිනි
නැගුන කලු දුම් වීදුරු වසාගෙන
එහා මෙහා නොපෙනෙන්න මග ඇහිරිනි
සුලං පහරින් ජවය ලැබගත්
දැවෙන ගිනි ජාලාව
දොරකඩටම ගෙනෙන තුරු
කිසිදු ඉඟියකින් නොලැබිනි
No comments:
Post a Comment