මගෙන් සොරාගත් සිහිනය සඳ කුමරා හැංගී සිට
සෙමෙන් සෙමෙන් තුරුළු කරයි මගෙ කුමරිගෙ මුව මඬලට
වලාකුලින් පෙරා එවයි සඳ රැස් බිඳු දෙතොල් අගට
දෙන්න නැවත සඳ කුමරුනි මගෙ සිහිනයෙ අයිතිය මට
ඈත දිලෙන තරුවැල් පෙල නෙත නොපියා හිඳිමින්
බලා සිටී ඇගේ දෑස නිසොල්මන්ව උමතු සිතින්
නොරැඳී රෑ ආකාසේ ගිමන් නිවනා විලසින්
දෙන්න නැවත මගෙ සිහිනය මට විඳිනට පුරුදු ලෙසින්
පිනි බිඳු එකින් එක ඇගෙ කම්මුල් මතට වැදී
මල් පෙති මත රැඳුනු මොලකැටි සුවය විඳී
සොරාගත් සිහිනයේ සුව විඳිනා විටදි රැඳී
ඉරිසියාවෙන් පිරෙයි මා හද රිදුම් දිදී
සරාගී නුවන් මා වෙත විහිදාම
රත් ලවන් විවර කොට සවනට කොඳුරාම
මා හද තුල ඈ ඇඳි සිහින සිතුවම
තුරුළු කරනා වරම මට පමනිය උරුම
~සකුන්ත හිරිමුතුගොඩ~
No comments:
Post a Comment