පැතුවෙ මන් ඔබ සමග
ජීවිතය සොයාගෙන
දුර ඈත ඉගිලෙන්න
ඔෆීසියෙ වැඩ අතර
ගැටී කහවනු සමග
ඔබ සොයයි ජීවිතය
සිරවෙලා මම අද
හැලි වලං දැලි අතර
කුස්සියේ වැඩ සමග
කිරිල්ලක වූ මා
ගැට ගසා නිවෙසට
තටු පවා අහිමිය
ඒත් මට
දුක වැඩිම
නුඹෙ නමින්
සෑදු කූඩුවක
සිරවෙන්න සිදුවීම
~සකුන්ත හිරිමුතුගොඩ~
No comments:
Post a Comment