ඔබේ මී පිරි රත් ලවන් යුග
ආල හැඟුමින් මසිත මත් කොට
තරු වගේ දිදුලන නුවන් යුග
නුරා රැහැනින් මා දෙනෙත් බැඳ
මගේ සිත නැහැ මටද අවනත
සිතුම් විහඟුන් ඇදෙයි ඔබ වෙත
ඔබේ හැම මදහාස බැල්මක
නැවතිලා ඉමි දිවි තුරාවට
ලෙන්ගතුම ඔය සුපෙම් හිත ලඟ
ලැගුම් ගන්නට අයදිමි ඉඩ
සඳ ගිලුනු රාත්‍රියක කෙලවර
මගේ සඳ ඔබ මට තුරුල් කොට
ඔබේ හසරැලි මත රැඳෙන්නට
පතමි හැම මොහොතකම ගතවන
~සකුන්ත හිරිමුතුගොඩ~
No comments:
Post a Comment