පරිවර්තනය (ඔබව හමුවීමෙන් පසු)
සුවිසල් යැයි සිතා සිටි
රුක් ගොමු අතර ඉදිවුනු පලා පැහැ ලෝකය
එකෙනෙහිම දෙපා අබිමුව ඇද වැටිනි
මෙතෙක් වරු ගනන් ගත කල
මිනිස් වාසයෙන් තොර අඳුරු රාත්‍රීන් මැද
මහා තනියක් දැනිනිතුරු සිහිල ඇගෙ බඳෙහි ගැල්වුනි
තරු එලිය නෙතු වලට පෙරලිනි
ගලන රැලි වරලසෙහි හැඩ ගති
නුඹෙ වතට සඳ මඬල පැරදිනිකුරුලු හඬ ප්‍රිය තෙපුලෙ සැඟවුනි
ඇඟිලි තුඩ මල් මෙලෙක දැවටුනි
මුදු පවන නුඹෙ ඇසුර සම වුනි
සෙවු සතුට මනු ලොවෙහි හමු විනි
No comments:
Post a Comment