වස්සාන කාලවල
සැඩ මාරුතයටත්
වෙන්කරන්නට ඉඩ නොදී
පොලොවේ තෙතමනයට
ආලයෙන්
අත් යොදා පොලෝ ගැබ
මහා හයියෙන් බදා සිටින
රූස්ස ගස්
දැඩි නියං කාල අතරතුරදීත්
බැඳීම් අත් නොහැරම
පස් අංශු අතරින්
අත් යවා
පොලෝ ගැබ සිසාරා
එබිකම් කරයි
අවසන්
ජල බිඳුවත් හමුවනතුරු
~සකුන්ත හිරිමුතුගොඩ~
No comments:
Post a Comment