රෑ තිස්සේ හිත අස්සේ
එක් රැස්වූ තුරුනු සිහින
වලින් හදාගෙන අත්තටු
නයට ගත් ස්කූටියට නැග
බලාපොරොත්තුවේ යතුරෙන්
ජීවිතයම පන ගන්වා
ඉගිලීගෙන ගිය විට වැඩපල වෙත
වසා තිබුනි ගේට්ටු පලු
කප්පරක් උසට තැනු සිහින
ලඝු කොට කොල කැබැල්ලකට
එල්ලා ඇත ගේට්ටුවෙහි
"රැකියාවෙන් අස් කර ඇත".
~සකුන්ත හිරිමුතුගොඩ~
No comments:
Post a Comment