අනවසරයෙන් ගෙතූ මේ කවි සියල්ල පාඨක ඔබටමය
නිවෙසක් කියන්නේ
බිත්ති වලින් වටවූ
හිස් ගොඩනැගිල්ලකටමද
මිනිස් පුලුටක් නැති,
ඔවුනොවුන් ජීවිතය බෙදාගන්නා
ජීවන සුවඳින් පිරුනු
ආත්මයන්ගේ සෙනෙහෙබර
නවාතැනකි නිවහන
නිවෙසක් වුවමනා කර තිබේ
නවතින්න නොව
ජීවිතය අලුතින් විඳගන්න
සකුන්‍ත හිරිමුතුගොඩ
No comments:
Post a Comment